මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පුළුල් කිරීමට තීරණය වෙයි: වැලිගම – තෙලිජ්ජවිල ව්‍යාපෘතිය 2027 අයවැයට





මාතර දිස්ත්‍රික්කයේ පවතින දැඩි මාර්ග තදබදයට පිළියම් යොදමින් ප්‍රධාන මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී වැලිගම – තෙලිජ්ජවිල මාර්ගයේ පළමු සැතපුම (ගල්බොක්ක) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 2027 වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට තීරණය විය. මීට අමතරව මාතර පැරණි ගාලු පාර සහ නූපේ සිට කඹුරුගමුව දක්වා කොටස මංතීරු හතරක් දක්වා පුළුල් කිරීමටත්, තිහගොඩ සිට මුලටියන දක්වා මාර්ගය නවීකරණය කිරීමටත් මෙහිදී එකඟතාවය පළ විය. ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.