හක්මණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි: ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් තීරණ රැසක්





හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගමමැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව කැඳවා තිබුණි.
මෙම හමුවේදී කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වත්මන් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, මතු වී ඇති ප්‍රායෝගික ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි. විශේෂයෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, වාරිමාර්ග, විදුලිබල, පානීය ජල හා මාර්ග සංවර්ධනය ඇතුළු ප්‍රජා යටිතල පහසුකම් නංවාලීම සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසකට එළඹීමට කමිටුව කටයුතු කළේය.
හක්මණ ප්‍රාදේශීය සභාවේ සභාපති රංගන සෙනෙවිරත්න, ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව නියෝජනය කළහ.