ලංගම බස් ගාස්තු ගෙවීමට කාඩ්පත් ක්‍රමයක්; ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මකයි


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථවල ගාස්තු ගෙවීම සඳහා කාඩ්පත් භාවිතා කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව එම මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසීය. අද (16) දින මාතර සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුකම් නිරීක්ෂණය කිරීමේ සංචාරයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ඉදිරි මාස කිහිපය තුළ මෙම ක්‍රමය ආරම්භ කිරීමට නියමිත අතර, ඉදිරි වසර තුනක කාලය තුළ ලංගම සේවාව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.