



මාතර නගරය ජනතාවට වඩාත් පහසු වන ආකාරයට නගරය පුළුල් කීරීම සම්බන්ධ සාකච්ඡාවක් 2025 . 04 .02 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
ඒ අනුව මාතර පරිපාලන සංකීර්ණය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමත් ,මාතර නගරය පුළුල් කිරීමට අවශ්‍ය ඉඩම් පවරා ගැනීමත් , විශේෂයෙන් වැඩි මන්තීරු සහිතව මාර්ග සංවර්ධන කිරීමත් ඒ සඳහා ඇති බාධා හා නීතිමය තත්වයන් සම්බන්ධවත් වැඩි දුර සාකච්ඡා කරන ලදී
මෙම අවස්ථාව සදහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් මහතා ,මාතර මහා නගර සභාවේ නගරාධිපති, මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති, මාතර මහදිසාපතිතුමා, මාතර ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.