දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 10කට නව නිල නිවාස: අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ





දකුණු පළාතේ පොලිස් ස්ථාන 10ක ස්ථානාධිපතිවරුන් සඳහා ඉදිකළ නව නිල නිවාස නිල වශයෙන් පවරා දීමේ උත්සවය ඊයේ (12) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුකෙරිණි.
මෙහිදී ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් පොලිස් ස්ථාන 10ක ස්ථානාධිපතිවරුන් සඳහා මෙම නිවාස පහසුකම් හිමිවිය. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඇතුළු ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.