වැලිගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවට සහභාගි වීමි.




එහිදී,
වලාන රෝහලේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් යෝජිත නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම.
පොල්වතුමෝදර තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට ඔප්පු ලබාදීම.
මිරිස්ස, වටරවුම් පාර පුළුල් කර සංවර්ධනය කිරීමේදී මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා කඩිනමින් ව්‍යාපෘතිය අවසන් කිරීම.
මිදිගම, පාතෙගම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීම.
මිරිස්ස, උඩුපිළ මහ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම.
වැලිගම සිට ගල්බොක්ක හරහා කඩේවත්ත දක්වා වැලිගම – තෙලිජ්ජවිල මාර්ගය සංවර්ධනය කිරීම.
දෙනිපිටිය – පොල්වතුමෝදර මාර්ගය ඉදි කිරීම.
වැලිගම බොක්ක ආශ්‍රිතව පැතිර යන ඇල්ගී වසංගතය මැඩලීම.
මිරිස්ස කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.
වැලිගම නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
ආදී ව්‍යාපෘති ගණනාවක ප්‍රගතිය විමසීමට ලක් කරන ලද අතර එම ව්‍යාපෘති කඩිනම් කිරීමට ගත යුතු පියවර ද සාකච්ඡා විය.
එමෙන්, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන ඇති,
වැලිගම නගරයේ බස් රථ අංගනය නවීකරණය කිරීම.
වැලිගම මුහුදු තීරයේ ඇති මාළු වෙළෙඳසැල නවීකරණය කිරීම.
වැලිගම මුහුදු තීරයේ අබලන් තත්ත්වයේ පවතින සියලුම ගොඩනැගිලි නවීකරණය කිරීම.
වැලිගම සමුපකාර ගොඩනැගිල්ල නවීකරණය කිරීම.
යන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ව්‍යාපෘති සැලසුම්, ඇස්තමේන්තු සහ ක්‍රියාකාරි සැලැසුම් කඩිනමින් සකස් කිරීමට ද උපදෙස් දෙන ලදි.
ඉකුත් 31 වැනි දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මෙම සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ චින්තක හේවා පතිරණ මහතා, වැලිගම නගර සභාවේ නගරාධිපති මොහොමඩ් අෆ්රාස් මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.
අර්කම් ඉල්යාස්